Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
1
23.5k
source
stringclasses
1 value
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචල...
wikipedia_si
මෙය දකුණු ආසියානු දූපතකි
wikipedia_si
එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත
wikipedia_si
එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ
wikipedia_si
ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි
wikipedia_si
ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී
wikipedia_si
ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය
wikipedia_si
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි
wikipedia_si
මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ
wikipedia_si
එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි
wikipedia_si
එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත
wikipedia_si
රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ
wikipedia_si
අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ
wikipedia_si
කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි
wikipedia_si
ශ්‍රී ලංකාව ලෝක උරුම ස්ථාන අටක්, සැතපුම් ගණනක් පුරා විහිදුනු රන්වන් වැලි සහිත වෙරළවල්, වැසි වනාන්තර සහ කඳුකර තේ වතු සහිත ඉතා සුන්දර දූපතකි
wikipedia_si
නිවර්තන වනාන්තර, වෙරළ සහ භූ දර්ශනවල ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය මෙන්ම පොහොසත් සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය, එය ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත් කළේය
wikipedia_si
ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට ආසන්න වේ
wikipedia_si
එය දූපතක ජීවත් වන 11 වන විශාලතම ජනගහනයයි
wikipedia_si
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%  ථෙරවාද බෞද්ධයන් වේ
wikipedia_si
එනම් මිලියන 15 ක් පමණ වේ
wikipedia_si
එය ලොව 6 හෝ 5  වන විශාලතම බෞද්ධ ජනගහයක් වෙසෙන රට වේ
wikipedia_si
ශ්‍රී ලංකාවේ ජාතික ආගම ථෙරවාද බෞද්ධ  වන අතර 12% හින්දු භක්තිකයන්, 9% ඉස්ලාම් භක්තිකයන්, 7% ක්‍රිස්තියානි භක්තිකයන්, 1% නිරාගමිකයන් සහ වෙනත් ආගමිකයෝ වෙති
wikipedia_si
බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ
wikipedia_si
දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි
wikipedia_si
නිල භාෂාව සිංහල භාෂාව සහ දෙමළ භාෂාව වේ
wikipedia_si
ශ්‍රී ලංකාව යනු පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති රටකි ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ
wikipedia_si
ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි
wikipedia_si
පූ
wikipedia_si
29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි
wikipedia_si
කෝට්ටේ රාජධානියේ විශාල දේශපාලන අර්බුදකාරී කාල පරිච්ඡේදයක් තුළ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ දිවයිනේ සමුද්‍ර වෙළඳාම පාලනය කිරීමට උත්සාහ කළ අතර ශ්‍රී ලංකාවේ කොටසක් පසුව පෘතුගීසි සන්තකයක් බවට පත්විය
wikipedia_si
සිංහල පෘතුගීසි යුද්ධයෙන් පසු ලන්දේසීන් සහ මහනුවර රාජධානිය එම ප්‍රදේශ පාලනය කර ගත්හ
wikipedia_si
පසුව ලන්දේසි දේපල බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගත් අතර, පසුව ඔවුන් මුළු දිවයිනම තම පාලනය ව්‍යාප්ත කර, 1815 සිට 1948 දක්වා එය යටත් විජිතයක් බවට පත් කළහ
wikipedia_si
ශ්‍රී ලංකාවේ වඩාත් මෑත ඉතිහාසය වසර 26 ක සිවිල් යුද්ධයකින් විනාශ වූ අතර එය 1983 දී ආරම්භ වී 2009 දී තීරණාත්මක ලෙස අවසන් වූයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟ ය
wikipedia_si
ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ
wikipedia_si
ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය
wikipedia_si
ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ
wikipedia_si
කුරුඳු, තේ, කෝපි, රබර් සහ පොල් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව ප්‍රගතිශීලී නවීන කාර්මික ආර්ථිකයක් දරයි
wikipedia_si
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර මානව සංවර්ධන දර්ශකයේ 72 වැනි ස්ථානයට පත්ව ඇත
wikipedia_si
එය සංවර්ධනය අතින් ඉහළම ශ්‍රේණිගත දකුණු ආසියානු ජාතිය වන අතර දකුණු ආසියාවේ දෙවැනි ඉහළම ඒක පුද්ගල ආදායම ද ඔවුනට හිමිය
wikipedia_si
කෙසේ වෙතත්, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ඒකකය කඩා වැටීම, උද්ධමනය ඉහළ යාම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් හේතුවෙන් දේශපාලන සහ මානුෂීය අර්බුදයක් ඇති වී තිබේ
wikipedia_si
එය වීදි විරෝධතා පුපුරා යාමට ද හේතු වී ඇති අතර, ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් විය යුතු බවට පුරවැසියන් බලකිරීම හේතුවෙන් හිටපු ජනපති ගෝටාභය රාජපක්ෂ ජනාධිපති දුරයෙන් ද ඉවත් විය
wikipedia_si
වෙනත් නම් විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය
wikipedia_si
ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ඉන්දියාවේ කඳුළු බිඳුව යන නමින්ද, අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් ද, සිව් හෙළය,හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, හා පෙරදිග ධා...
wikipedia_si
එහි යටත් විජිත කාලය තුළ, දිවයිනට සිලෝන් යන නම ලැබුණි, එය පසුව යටත් විජිත කාලය අවසන් වන තුරුම දිගටම භාවිතා විය
wikipedia_si
සිලෝන් නමින් වර්තමානයේ හැඳින්වූයේ නැතත් වර්තමානයේ විවිධ දේශීය ව්‍යාපාර සඳහා සිලෝන් යන නාමය භාවිත කිරීම සුලභ දෙයකි
wikipedia_si
"ඉන්දියාවේ කඳුළු බිඳුව" ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට ශ්‍රී ලංකාවේ විශේෂ හැඩය සහ ඉන්දියාවට සමීප වීම හේතු විය
wikipedia_si
ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය ශ්‍රී ලංකාවේ හෝමෝ ඉරෙක්ටස් මිනිසුන් BP 300,000 - 500,000 තරම් ඈතක සිට ඇති බවට සාක්ෂි ඇත
wikipedia_si
ගල් යුගය ගල් යුගය ආසන්න වශයෙන් වසර 125,000 කට පෙර සිට ක්‍රි
wikipedia_si
පූ
wikipedia_si
1800 දක්වා පැවතිණි
wikipedia_si
පැලියොලිතික් යුගය ඉරණමඩු හි සොයාගැනීම්වලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ BP 300,000 තරම් ඈත අතීතයේ පැලියොලිතික් මිනිසුන් සිටි බවයි. ශ්‍රී ලංකා භූමියේ පැලියොලිතික් යුගයට අයත් ප්‍රධාන ප්‍රදේශ 8 ක පදිංචිකරුවන් සොයා ගත හැකි විය
wikipedia_si
පහතරට වියළි කලාපය පහතරට අර්ධ ශුෂ්ක කලාපය පහතරට වියළි කලාපය පහතරට අතරමැදි වියළි කලාපය කඳුකර වියළි අතරමැදි කලාපය පහතරට අතරමැදි තෙත් කලාපය තෙත් කඳු කලාපය තෙත් උස්බිම් කලාපය පුරාණ ශ්‍රී ලංකාව ආණ්ඩුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ
wikipedia_si
එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී
wikipedia_si
1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී
wikipedia_si
අගනුවර අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ
wikipedia_si
එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි
wikipedia_si
වර්ග ප්‍රමාණය ප්‍රධාන (ලංකා)දූපත 65 525 sq km අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km ඓතිහාසික මුහුද 12 060 sq km රාෂ්ට්‍රීය මුහුද 18 060sq km යාබද මුහුද 17 000 sq km පරම ආර්ථික කලාපය 437 400 sq km සමස්ථ වර්ගඵලය 554 200 sq km ශ්‍රී ලංකාවේ ජාතික සංකේත (මෙහි වැඩිදුර අධ්‍යයනයක් සදහා ශ්‍රී ලංකාවේ ජාතික සංකේත ...
wikipedia_si
) ශ්‍රී ලංකාවේ අතීතය ප්‍රාග් ඓතිහාසික යුගය ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ
wikipedia_si
පුරාශිලා යුගය 2. මධ්‍යශිලා යුගය 3. නවශිලා යුගය සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125,000 දක්වා ඈතට දිවයයි
wikipedia_si
ලංකා‍වේ වයඹදිග හා ගිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත
wikipedia_si
ඓතිහාසික යුගය ප්‍රථම නවීන අගනුවර ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය
wikipedia_si
යටත් විජිත යුගය වර්ෂ 1505 දී පෘතුගීසීන් (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍
wikipedia_si
පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි
wikipedia_si
පසුව ඕලන්ද ලන්දේසීන් (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය
wikipedia_si
මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ
wikipedia_si
මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය
wikipedia_si
නවීන යුගය ලංකා රාජධානිය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය කොටි ත්‍රස්තවාදය අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත
wikipedia_si
ශ්‍රී ලංකාවේ පුරාවස්තු භූගෝලය ස්වභාවික ව්‍යසන ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි
wikipedia_si
නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක
wikipedia_si
ක්‍රි
wikipedia_si
ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ
wikipedia_si
ශාක සහ සත්ත්ව සංහතිය විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී
wikipedia_si
ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය
wikipedia_si
විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ
wikipedia_si
මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ
wikipedia_si
මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ
wikipedia_si
සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි
wikipedia_si
තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි
wikipedia_si
ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි
wikipedia_si
ශ්‍රී ලංකාවේ උප බෙදීම් පළාත් ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත
wikipedia_si
ඒවා නම්
wikipedia_si
උතුරු පළාත උතුරු මැද පළාත මධ්‍යම පළාත වයඹ පළාත බස්නාහිර පළාත සබරගමුව පළාත ඌව පළාත දකුණු පළාත නැගෙනහිර පළාත පරිපාලන දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි
wikipedia_si
ජනතාව ජනගහණය 2012 ජන සංගණනය අනුව 20,359,439 සමාජය බහු සංස්කෘතිකමය රටකි
wikipedia_si
ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ
wikipedia_si
රාජ්‍ය ආගම බුද්ධාගමය
wikipedia_si
පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි
wikipedia_si
ජාතීන් සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ
wikipedia_si
ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන හා පාරම්පරික කර්මාන්තය ගොවිතැනය
wikipedia_si
භාෂා සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ
wikipedia_si
ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි
wikipedia_si
ආගම් ප්‍රධාන ආගම බුදු දහම වේ
wikipedia_si
බුද්ධාගම සහ පුරාණ හෙල ඇදහිලි හින්දු රෝමානු කතෝලික ක්‍රිස්තියානි ඉස්ලාම් බොජුන් ජාතික ආහාරය බත් වේ
wikipedia_si
- (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ
wikipedia_si
) දේශපාලනය ප්‍රධාන දේශපාලන පක්‍ෂ තනි පක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය ජනතා විමුකිති පෙරමුණ හවුල් සංධාන එක්සත් ජනතා නිදහස් සංධානය එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය අධ්‍යාපනය ආර්ථිකය සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී
wikipedia_si
මූලිකවම කෘෂිකාර්මික රටකි
wikipedia_si
මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේදි ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත
wikipedia_si
කෘෂීකර්මය දේශීය පරිභෝජනය සඳහා වී ගොවිතැන පොල් වගාව අපනයන බෝග ශ්‍රී ලංකාවේ තේ රබර් කුළු බඩු කර්මාන්ත සාම්ප්‍රදායික කර්මාන්ත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හස්ත කර්මාන්ත නව කර්මාන්ත ස්වභාවික පරිසරය ශ්‍රී ලංකා‍වේ ‍ලෝක උරුමයන් ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට ආවේනික ක්ෂීරපායීන් ලැයිස්තුව දියඇලි - ශ්‍...
wikipedia_si
ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි
wikipedia_si
ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති
wikipedia_si
ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය
wikipedia_si
End of preview. Expand in Data Studio

Sinhala Raw Sentences - Wikipedia

Raw Sinhala sentences extracted and sentence-split from the wikimedia/wikipedia dataset (Sinhala subset). This is an intermediate dataset used in the construction of Minuri/diverse_sinhala_dataset.

Dataset Structure

Column Description
text Raw Sinhala sentence
source Source identifier (wikipedia)
Split Rows
train 517,246

Pipeline Position

wikimedia/wikipediathis repoMinuri/wikipedia_cleaned_versionMinuri/diverse_sinhala_dataset

Sources & Licenses

Source License
wikimedia/wikipedia CC BY-SA 3.0 + GFDL - ShareAlike applies

Related Repositories

Repo Description
Minuri/wikipedia_cleaned_version Cleaned version (389,223 sentences)
Minuri/diverse_sinhala_dataset Final parent corpus
Downloads last month
7